පාසල වෙත අප
දැනුම සොයන්නට
පොත් මිටි උසුලා
පිය මැන්නෙමු අප.......
සතුටු සිනා කැන්
සැගවුනි ඈතක
පාසල් සෙවනින්
වෙන් වූ පසු අප.........
හමු වේවිද යලි
ජීවන ගමනේ
සිතේ කොනක ඇත
පොඩි පැතුමක්........
මල් කළඹ
Monday, February 5, 2018
Sunday, January 28, 2018
සැමියෙකුගේ උරුමය
අම්මට බෙහෙත්
තාත්තට පත්තරය, බුලත්
නංගිට ටියුෂන් පීස්
බිරිදට සාරි ෂොපින්
දුවට සෙල්ලම් බඩු
මට.........
මාසෙ අවසානෙට
කඩේ බිල, විදුලි බිල
රැවුම්, ගෙරවුම්, බැනුම්
විඩාව..........
තාත්තට පත්තරය, බුලත්
නංගිට ටියුෂන් පීස්
බිරිදට සාරි ෂොපින්
දුවට සෙල්ලම් බඩු
මට.........
මාසෙ අවසානෙට
කඩේ බිල, විදුලි බිල
රැවුම්, ගෙරවුම්, බැනුම්
විඩාව..........
Friday, January 26, 2018
මතකය
අනාගත ප්‍රාර්ථනා
සිත පතුලේ
සත්මහල් ප්‍රාසාද
ගොඩනගද්දී
ජිවිතයේ යථාර්තය
වැටහුණ දිනක
මගේමයි කියල
ලෝකයක් පටන් ගන්නට
ඔබ වෙත පැමිණියත්......
ජීවිතය පුරාවට
මගේමයි කියල සිතුව ඔබ
මගෙම විතරක් නෙවෙයිලු
අනේ........
සැදූ ප්‍රසාද කදුලින්
දියවී බිද වැටුනා මා දෙපාමුල
හිත් පිත් නැතිවම......
සිත පතුලේ
සත්මහල් ප්‍රාසාද
ගොඩනගද්දී
ජිවිතයේ යථාර්තය
වැටහුණ දිනක
මගේමයි කියල
ලෝකයක් පටන් ගන්නට
ඔබ වෙත පැමිණියත්......
ජීවිතය පුරාවට
මගේමයි කියල සිතුව ඔබ
මගෙම විතරක් නෙවෙයිලු
අනේ........
සැදූ ප්‍රසාද කදුලින්
දියවී බිද වැටුනා මා දෙපාමුල
හිත් පිත් නැතිවම......
Saturday, January 20, 2018
අප්පච්චී
මහා හයියෙන් හැඩුව දිනේ
ඔබ හැඩුවේ ඇයිද කියලා
හිතන්න මම පුංචි වැඩියි...........
මහ අව්වේ ගල් කඩලා
අත් වල ලේ ගැට පිරිලා
මම ඒ ගැන ඇහුවත් ඔබ
අහිංසකව සිනාසුනා........
අම්මා අතේ තෙල් ගාද්දී
මම ඔබ අසලින් ඉදගෙන
දෑසෙ ගලන කදුළු බිංදු
පිස දැමුවා මතකයි තව........
එදා නොතේරුනත් මෙදා
දැනෙනවා ඒ හැම දෙයක්ම
අද මා එය මතක් කළේ
ඔබ හඩවන්න නම් නොවේ........
Friday, January 12, 2018
විභාගය
තාරුකා මල් පවා
මලානිකව දිදුලන
මේ පලු රාත්‍රියේ
දෑත දිගු කර
ඈනුම් අරිම්.........
මගෙ නෙත නිදිබරයි
ගතට හරි වෙහෙසයි
එහෙත් පෙනෙන තෙක් මානයේ
විභාගය...... විභාගය......
නිරතුරුව මා
අවදි කොට තබයි......
මලානිකව දිදුලන
මේ පලු රාත්‍රියේ
දෑත දිගු කර
ඈනුම් අරිම්.........
මගෙ නෙත නිදිබරයි
ගතට හරි වෙහෙසයි
එහෙත් පෙනෙන තෙක් මානයේ
විභාගය...... විභාගය......
නිරතුරුව මා
අවදි කොට තබයි......
Monday, January 8, 2018
සොඳුරු මන්දාරම
තිළිණයකි ජිවිතයෙ මා ලද
වසන්තයක් වූ සොඳුරු සරසවි වරම
චංචල කරමින් නිසසල දිවියම
ගත කළ කෙළිලොල් ඒ සමය
දිවියේ සොදුරු මන්දාරම විය
චන්ඩ මාරුත මේඝ හමුවේ
රුවන් දිස්නය අඩු නොවන ලෙස
ලස්සන එදවස් මැකී නොයනු ඇත
දිනකදී සරසවියෙන් සමුගත්තද
වසන්තයක් වූ සොඳුරු සරසවි වරම
චංචල කරමින් නිසසල දිවියම
ගත කළ කෙළිලොල් ඒ සමය
දිවියේ සොදුරු මන්දාරම විය
චන්ඩ මාරුත මේඝ හමුවේ
රුවන් දිස්නය අඩු නොවන ලෙස
ලස්සන එදවස් මැකී නොයනු ඇත
දිනකදී සරසවියෙන් සමුගත්තද
Subscribe to:
Posts (Atom)
යෙහෙළිය
පාසල වෙත අප දැනුම සොයන්නට පොත් මිටි උසුලා පිය මැන්නෙමු අප....... සතුටු සිනා කැන් සැගවුනි ඈතක පාසල් සෙවනින් වෙන් වූ පසු අප............




